Sunday, September 27, 2015

ඇරඹුමට පෙරවදනක්...

ඇරඹුමට පෙරවදනක්...

අද අන්තර්ජාලයේ සැරිසරන අප බොහෝ දෙනාට ඕනෑම වැදගත් කරුණක්, විශයානුබද්ධ විස්තරයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අප සැම සිදු කරන මූලිකම ක්‍රියාවලිය වන්නේ ගූගල්, යාහූ වැනි සර්ච් එන්ජින් එකක් පාවිච්චි කර අපට අවශ්‍ය දේ සොයා ගැනීමයි. නමුත් මෙහිදී බොහෝ දෙනාට ඇතිවන මූලිකම ගැටළුවක් වන්නේ මෙහිදී ලැබෙන ප්‍රතිඵල වල තොරතුරු පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වීමයි. එමෙන්ම පාසලේ විශය කරුණු වලට අමතර තොරතුරු සෙවීමේදී අප පාසල් සිසු සිසුවියන් මුහුණ දෙන ප්‍රමුඛතම ප්‍රශ්ණය වන්නේද එයයි. තවද ලාංකීය වෙබ් අඩවි වල පවතින මූලිකම අඩුපාඩුවක් වන්නේ අ.පො.ස උසස් පෙල, අ.පො.ස සාමාන්‍ය පෙල වැනි තරඟ විභාග සඳහා පාඩම් වලට අමතර උපකාරයක් වන උපකාරක වෙබ් අඩවි නොමැති වීමයි. ඒ නිසා ඉහත සඳහන් කල සියළුම අඩුපාඩු යම්තාක් දුරකට හෝ පිරවීම සඳහා අප මේ වෙබ් ඉසවුව බිහි කලෙමු. මෙය ඉහත අප සඳහන් කල අපේ දැක්මේ සමාරම්භය පමණි. මෙයින් ආරම්භ වන අප වෙබ් ඉසවුවේ පලවන අතිරේකයන් සඳහා අප පාඨකයන්ගේ යෝජනා, චෝදනා ඉතා වැදගත් වන අතර එයින් අපගේ අරමුණු ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට අප හට මහඟු අත්වැලක්ද වනු ඇති බව අපගේ මතයයි. එසේ නම් එක්වන්න සියළු දෙනාම අපගේ ඊ තක්සලාව අධ්‍යාපනික වෙබ් ඉසවුව සමඟ....

e තක්සලාව අධ්‍යාපනික වෙබ් ඉසවුවේ ඇඩ්මින් මඩුල්ල