Tuesday, October 20, 2015

THE FLASH season 2| episode 03 "FAMILY OF ROGUES" පෙර දැක්ම

THE FLASH season 2| episode 03 "FAMILY OF ROGUES" 


මටත් කැහිල්ලනෙ තියෙන්නෙ. බදාදා වෙනකන් ඉන්න බෑ එපිසෝඩ් එක රිලීස් වෙනකන්. ඊට කලින් මොනාම හරි දෙයක් හොයාගෙන කතාව නිකමට හරි උපකල්පනයක් දා ගන්න ඕන. ඉතින් ඔන්න හම්බ උනා ලබන අඟහරුවාදා රිලීස් වෙන්න තියන THE FLASH season 2| episode 03 "FAMILY OF ROGUES" එකේ ෆොටෝස් ටිකක්. 


ඉතින් ෆොටෝස් වලින් පේන විදිහට නම් මේ සැරේ එන්න තියන එපිසෝඩ් එක යන්නෙ ලෙනාර්ඩ් ස්නාර්ට්, නැත්නම් පලවෙනි සීසන් එකේ අපෙ සුපුරුදු යාළුවා captain cold වටේ වගේ. 


දැනගන්න ලැබුන විදිහට නම් මේ සැරේ කැප්ටන් කෝල්ඩ්ව කවුදෝ පැහැර ගන්නවා... ෆොටෝස් බලපුවාම පේනවා නේ පලවෙනි සීසන් එකේ අපේ සුපුරුදු තවත් යාළුවෙක් ඉන්නවා... කැප්ටන් කෝල්ඩ්ගෙ නංගි. ලීසා ස්නාර්ට්. නැත්නම් Golden Glider. මතකනෙ පලවෙනි සීසන් එකේ සිස්කෝට දුන්න පරිප්පුව මෙයා. මේ සැරේ නම් මෙයා ස්ටාර් ලැබ් එකට එන්නෙ කලින් සීසන් එකේ වගේ ලොකු ශෝ දාගෙන නම් නෙවේ වගේ. ෆොටෝස් වලින් පේන විදිහට නම් මෙයා මේ සැරේ ස්ටාර් ලැබ් එකට එන්නෙ හෝ එන්න වෙන්නෙ පස්ස බිම ඇනගෙන වගේ. 



මේ දෙන්නා ගැනම අපි දන්නවනෙ. එතකොට කවුද මේ සැරේ අලුතෙන් කතාවට එන කෙනා? මෙයා තමා ලුවිස් ස්නාර්ට්. ලෙනාර්ඩ් ස්නාර්ට්ගෙයි ලිසා ස්නාර්ට්ගෙයි තාත්තා. මේ චරිතෙට පන පොවන්නෙ Michael Ironside කියන නළුවා. දැනගන්න ලැබුන විදිහට මෙයා සෑහෙන දරුණු මිනිහෙක්. මේ සැරේ බෙරීට ලේසි වෙන එකක් නෑ. මෙයා සෙන්ට්‍රල් සිටි එකට එන්නෙ එයාගෙ ලමයි දෙන්නව අනතුරේ දාන ප්ලෑන් එකකුත් එක්කලු. මේ ලුවිස් ස්නාර්ට් ගැන ලොකු විස්තරයක් කොමික් වල සඳහන් වෙලා නෑ කියලා තමා ඉතින් අන්තිමට මට දැනගන්න ලැබුනෙ.











 ඔන්න ඕකයි එහෙනම් මේ සැරේ එපිසෝඩ් එකේ තොරණෙ විස්තරේ... ඔය මදෑ දැන ගත්තු ටික. දැන් ඉතින් එපිසෝඩ් එක බදාදා පාන්දරම ටොරන්ට් අප්ලෝඩ් වෙනකන් ඉවසන් ඉන්න තමා තියෙන්නේ.



මේ එපිසෝඩ් එකේ review එක්ක හම්බවෙමුකො. එහෙනම් පහලින් යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකො ඈ... 

No comments:

Post a Comment